කොංගෝවේ සිරකරුවන් 129 දෙනෙකු මරුට

කොංගෝවේ සිරකරුවන් 129 දෙනෙකු මරුට

කොංගෝවේ පිහිටි ප්‍රධාන බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ කළ සිරකරුවන් 129 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් පැන යාමට උත්සාහ කිරීමේදී ඇති වූ තෙරපීම හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම අදාළ සිදුවීම අතරතුර ආරක්ෂක අංශ සිදු කළ වෙඩි ප්‍රහාර නිසාද සිරකරුවන් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.

සිරකරුවන් 1,500ක් සඳහා පහසුකම් සහිත කොංගෝවේ විශාලතම සිරමැදිරිය වන මෙහි රැඳවියන් 12,000කට අධික සංඛ්‍යාවක් රඳවා සිටින බව සඳහන්.

බන්ධනාගාරය තුළ හටගත් ගැටුමකින් අනතුරුව සිරකරුවන් පැන යාමට තැත් කර ඇති අතර මේ හේතුවෙන් තවත් පිරිසක් ද තුවාල ලබා තිබෙනවා.

මෙම බන්ධනාගාරය පිහිටා ඇත්තේ එරට ජනාධිපති මන්දිරයේ සිට සැතපුම් 3ක පමණ දුරකින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බන්ධනාගාරය තුළට වෙනත් පාර්ශවයක් බලහත්කාරයෙන් ඇතුළු වූ බවට කිසිඳු සාක්ෂියක් හමු වී නොමැති අතර අදාළ ගැටුම ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This