කොංගෝවේදී රථ පෙළකට ප්‍රහාරයක්

කොංගෝවේදී රථ පෙළකට ප්‍රහාරයක්

චීන ජාතිකයින් පිරිසක් ගමන් කරමින් සිටි රථ පෙළකට ඊසානදිග කොංගෝ රාජ්‍යයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

රත්‍රං ප්‍රවාහනය කරමින් තිබූ රථ පෙළක් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්

ප්‍රහාරයෙන් චීන ජාතිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින සිව් දෙනකු මියගොස් තිබෙනවා.

මිය ගිය පිරිස අතර අදාළ රථ පෙළෙහි ආරක්ෂාව සඳහා ගමන් ගත් කොංගෝ හමුදා සාමාජිකයෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා .

රථ පෙළ මගින් ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං විශාල ප්‍රමාණයක් ප්‍රහාරකයින් විසින් පැහැර ගෙන ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

එම රත්‍රං, කොංගෝවේ කිව් පළාතේ ක්‍රියාත්මක චීන පතල් සමාගමකට අයත් බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් ප්‍රහාරය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.

කිව් පළාතේ බොහෝ සෙයින් චීන සමාගම් මගින් පතල් පවත්වා ගෙන යනු ලබන අතර එරට ඇති ඛණිජ සම්පත් සූරා කෑමට ලක් කරන බවටයි මේවනවිට චීනයට චෝදනා එල්ල වන්නේ.

කිව් පළාත තුළ දශක කිහිපයක් පුරාවට සන්නද්ධ කණ්ඩායම් ද ක්‍රියාත්මක අතර ඉවුන් චීන ව්‍යාපෘති සඳහා දැඩි විරෝධය පළ කරනවා.

Share This