කොටහේන වෙඩි තැබීමට සැකපිට 3 ක් යාපනයේ දී අත්අඩංගුවට

කොටහේන වෙඩි තැබීමට සැකපිට 3 ක් යාපනයේ දී අත්අඩංගුවට

කොටහේන වෙඩි තැබීම සම්බන්ධ පුද්ගලයින් තිදෙනකු යාපනය මනිපායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමග තොරතුරු රැසක් ඝාතනය සම්බන්ධයෙන් අනාවරණය කරගෙන තිබෙනවා.

කොටහේන 16 වැනි පටුමගේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි බවට සැලකෙන මෝටර් රථයද පොලිසිය විසින් ඊයේ ආමර් වීදියෙන් සොයා ගත්තා.

පොලීසිය පැවසුවේ එම මෝටර් රථයේ තිබී ජීව උණ්ඩයක් ද සොයාගත් බවයි.

Share This