කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ මුදල් අයකැමිවරු 15 කට කොවිඩ්  (වීඩියෝ)

කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ මුදල් අයකැමිවරු 15 කට කොවිඩ් (වීඩියෝ)

කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවය කරන මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව එම මුදල් අයකැමිවරුන් නිරෝධායනයට සහ ප්‍රතිකාර සඳහා යොමුවීමත් සමඟ ඔවුන් සේවය කළ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයට වාහන යොමු කිරීමේදී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (30) සිට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ තත්ත්වය හේතුවෙන් කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ රාජකාරි සඳහා අමතර පොලිස් නිලධාරීන්ද කැඳවා තිබෙණු දක්නට ලැබුණා.

Share This