කොදෙව්වන් ලැබූ විශිෂ්ට ජය

කොදෙව්වන් ලැබූ විශිෂ්ට ජය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු104ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 218ක් ලබා ගත්තා.

එහිදි නිකොලස් පූරන් පන්දු 53කින් ලකුණු 98ක් රැස්කර ගැනීමට සමත් වුණා.

පූරන් රැස්කළ ලකුණු 98 වාර්තා අතරට එක්වුණේ මෙවර ලෝක කුසලානයේදි ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ලකුණු 219ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 02කදී රැස්කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

Share This