කොදෙව්වන්ට එරෙහි 20යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය

කොදෙව්වන්ට එරෙහි 20යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතය සඳහා පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙනිඩ්ස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, නුවන් තුෂාර, මතීෂ පතිරණ, බිනුර ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු නම් කර ඇති බව සඳහන්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එරෙහි 20යි 20 තරගාවලිය ඔක්තෝබර් 13, 15 සහ 17 යන දිනවලදී දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

Share This