කොරියා යන්න බලා ඉන්න තරුණ පිරිසක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට

කොරියා යන්න බලා ඉන්න තරුණ පිරිසක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට

කොරියානු රාජ්‍යයේ රැකියා සඳහා විභාගය සමත් තරුණ, තරුණියන් පිරිසක් අද (10) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා.

කොරියාවට යාම සඳහා පිටත් වීමට අවශ්‍ය සියලු විභාග සහ පරීක්ෂණ සමත් වී වසර දෙකක් ගත වී ඇතත් මෙතෙක් එම රාජ්‍යයට යැවීමට අවශ්‍ය පියවර ගෙන නැතයි මෙම පිරිස චෝදනා කරනවා.

2500 කට අධික පිරිසක් වෙබ් අඩවියකට ඇතුලත් කර වසරක් ගත වී ගොස් තිබිය දී තමන් ට බලධාරීන් ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැතැයි ඔවුන් පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ සියලු භාෂා පරීක්ෂණ, කථන පරීක්ෂණ, වෛද්‍ය වාර්තා මේ සියලු දේ සමත් වුව ද මේ වන තෙක් කිසිදු අවස්ථාවක් ලැබී නැති බවයි.

ඔවුන් තවදුරටත් මෙසේ පැවසුවා,

” වෙනත් රටවල වගේ අපේ රටේ නිලධාරීන්, බලධාරීන් මෙම විදේශගත කිරීමේ වැඩපිළිවෙළ බලන්නේ නැහැ. අපි මුදල් වියදම් කරලා වසර දෙකක් තිස්සේ බලාගෙන සිටිනවා අපිට කිසිදු විසඳුමක් ලැබිල නැහැ. අපි ජනාධිපතිවරයාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් රැකියා සඳහා යාමට පහසුකම් සලසන්න කියලා. 2500ක් පිටත් වෙනවා කියන්නේ රටට විදේශ විනිමය ලැබෙනවා. ඒ පවුල්වලට යහපත උදා වෙනවා. ඉතින් ඇයි බලධාරින් මේවා නොකර බලා සිටින්නේ? ” යැයි ඔවුන් විමසා සිටියා.

 

Share This