කොරෝනා ආසාදිත වූ දරුවන්ට වැළඳෙන තවත් රෝගයක් – එක් දරුවෙක් මරුට(VIDEO)

කොරෝනා ආසාදිත වූ දරුවන්ට වැළඳෙන තවත් රෝගයක් – එක් දරුවෙක් මරුට(VIDEO)

කොරෝනා ආසාදිත වූ දරුවන්ට වැළඳෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා සඳහන් කරනවා.

එම රෝගය වැළඳුනු දරුවන් හතළිස් පස් දෙනකු පමණ මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබා දී ඇති බවත් ඉන් දරුවන් හතර දෙනකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරයා සඳහන් කළා.

මෙම රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන බවත් දරුවන්ට සති දෙකත් හයත් අතර කාලයකින් පසුව මෙම රෝගී තත්ත්වය වැළඳෙන බවත් විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා කියා සිටියා.

දරුවාගේ ඇඟේ ප්‍රතිදේහ වෙනත් අවයවවලට බලපෑම් කිරීම මෙම තත්ත්වය වන බවත් හදවතට බලපෑම් කිරීම වඩාත් භයානක විය හැකි බවත් වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

Share This