කොලරා රෝගීන් නිසා කෝපයට පත් ජනතාව නගරාධිපතිවරයා එළවා දැමු හැටි (VIDEO)

කොලරා රෝගීන් නිසා කෝපයට පත් ජනතාව නගරාධිපතිවරයා එළවා දැමු හැටි (VIDEO)

දකුණු අප්‍රිකාවේ කොලරා රෝගීන් වැඩි වීම සම්බන්ධයෙන් කෝපයට පත් ජනතාව Gauteng පළාතේ නගරාධිපතිවරයා එම ප්‍රදේශයෙන් එළවා දමා තිබෙනවා

රටේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන Gauteng හි කොලරාවෙන් මිය ගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පිරිසිදු ජලය සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙනුයි ජනතාව Gauteng පළාතේ නගරාධිපතිවරයාට චෝදනා කර තිබෙන්නේ

එමෙන්ම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නගරාධිපතිවරයා බැරෑරුම් ලෙස සලකන්නේ නැති බවටද ජනතාව සඳහන් කරනවා .

පුද්ගලයින් 100කට ආසන්න පිරිසකට රෝගය වැළඳී ඇති අතර 37දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Gauteng පළාතේ මෙන්ම Hammanskraal සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට නළ ජලය පානය නොකරන ලෙසද අනතුරු අඟවා තිබෙනවා .

 

Share This