කොලොම්බියා ප්‍රාන්තයේ ලැව්ගිනි 400කට ආසන්න ප්‍රමාණයක් තවමත් පැතිරේ

කොලොම්බියා ප්‍රාන්තයේ ලැව්ගිනි 400කට ආසන්න ප්‍රමාණයක් තවමත් පැතිරේ

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ලැව්ගිනි 400කට ආසන්න ප්‍රමාණයක් තවමත් පැතිර යන බව විදෙස් මාධ්‍ය පවසනවා

එම ප්‍රදේශයේ නිවාස 30,000ක පමණ ජනතාවකට ඉවත් වන ලෙස නියෝග කර ඇති බවද සඳහන්

බටහිර කෙලෝනා හි ලැව්ගිනි හේතුවෙන් නිවාස රැසක් විනාශ වී ඇති අතර 36,000 ආසන්න පිරිසක් ජිවත්වන නගරයක්ද මුළුමනින්ම දැවී ඇති බව සඳහන්

උතුරින් පිහිටි යෙලෝනයිෆ් නගරය දෙසට විශාල ගින්නක් පැතිරෙමින් පවතින බවද සඳහන් වනවා .

බ්‍රිටිෂ් කොලොම්බියාවේ, නිවාස 15,000ක් ආවරණය වන පරිදි ජනතාව ඉවත් කිරීම සඳහා නිකුත් කර තිබූ නියෝගය පසුගිය සෙනසුරාදා සවස් වන විට අවම වශයෙන් නිවාස 30,000ක් දක්වා වර්ධනය වූ බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This