කොලොම්බියානු අගනුවරට භූමිකම්පාවක්

කොලොම්බියානු අගනුවරට භූමිකම්පාවක්

කොලොම්බියානු අගනුවර වන බොගෝටා හි මැග්නිටියුඩ් 6.1ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

ඒ අනුව, භූමිකම්පාව විලාවිසෙන්සියෝ, බුකාරමන්ගා, ටුන්ජා සහ ඉබාග් යන නගරවලට දැනී ඇති බව සඳහන්

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ භූමිකම්පාව අතර කලබලයට පත් වූ කාන්තාවක් ගොඩනැගිල්ලකින් පිටතට පැණීමෙන් මිය ගොස් ඇති බවයි.

එමෙන්ම කොලොම්බියානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන් කර ඇති බවයි.

කෙසේ වෙතත් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය එය 6.3ක ප්‍රබලත්වයක් ලෙස වාර්තා කර තිබෙනවා

භූ කම්පනයෙන් ගොඩනැගිලි කිහිපයක ජනේලවලට හානි සිදුව ඇති අතර තවත් සුළු හානි කිහිපයක් වාර්තා වි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This