කොවිඩ් 19 උපත සොයන ගමනට චීනයෙන් බාධා – FBI වාර්තාවක් සියල්ල හෙළි කරයි

කොවිඩ් 19 උපත සොයන ගමනට චීනයෙන් බාධා – FBI වාර්තාවක් සියල්ල හෙළි කරයි

චීනයේ වුහාන් හි රසායනාගාරයකින් සිදු වූ කාන්දුවක් COVID-19 වසංගතයට හේතුව විය හැකි බවට තම ආයතනය තක්සේරු කර ඇති බව “FBI අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ව්රේ” සඳහන් කරනවා.

චීනයේ අනපේක්ෂිත විද්‍යාගාර කාන්දුවකින් වසංගතයේ ආරම්භය සිදු වී ඇති බවටයි ඔහු පසුගියඉරිදා “වෝල් ස්ට්‍රීට් ජර්නල්” වාර්තාවකට අදහස් දක්වමින් පවසා තිබෙන්නේ.

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක “ජෝන් කර්බි” සඳුදා කියා සිටියේ වසංගතයේ මූලාරම්භය පිළිබඳව එක්සත් ජනපද රජය නිශ්චිත නිගමනයකට සහ සම්මුතියකට පැමිණ නොමැති බවයි.

වෛරසයේ මූලාරම්භය හඳුනා ගැනීමට චීනය දරන උත්සාහයන් ව්‍යර්ථ කර ඇති බව “ව්රේ” විදෙස් පුවත් නාලිකාවක් සමගද පවසා තිබෙනවා. නමුත් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බවත්, “වර්ගීකරණය කර ඇති සම්පූර්ණ තොරතුරු රාශියක්” බෙදා ගැනීමට තමාට දැනට නොහැකි බවත් ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් චීනය මේ සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා වන්නේ.

Share This