කොවිඩ් අතරේ පැතිර යන දුර්මත ගැන දැනුවත් වෙමු

කොවිඩ් අතරේ පැතිර යන දුර්මත ගැන දැනුවත් වෙමු

කොවිඩ් රෝගය හා ස්නානය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මාසයක් පමණ ගතවන තෙක් ස්නානය නොකල ,කොවිඩ් සුව වූ හා කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයන් දක්නට ලැබෙන බව කොළඹ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාරත්න මහතා ප්‍රකාශ කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කළ අතර වැඩිදුරටත් මහාචාර්යවරයා පෙන්වාදී තිබෙන්නේ කොවිඩ් ව්‍යාප්තිය තුළ පිරිසිදුව සිටීම අතිශයින් වැදගත් කරුණක් බවයි.

කොවිඩ් ආසාදනය වී සුව වූ පුද්ගලයන්ගෙන් පීනස් තත්ත්වයක් ඇති අයට සෙම තත්ත්වය වැඩි වීම හා කිවිසුම් යෑම වැනි තත්ත්වයන් ඇතිවීම සාමාන්‍ය වන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ

කෙසේ වුවද ඇඟපත සෝදා ශරීරය පිරිසිදු කර ගැනීම අත්‍යාවශ්‍ය බවද මහාචාර්යවරයා සඳහන් කරනවා

මීට අමතරව කොවිඩ් සුව වූ රෝගීන් ස්නානාය නොකළ යුතු බවට පැතිර යන ප්‍රකාශ වෛද්‍ය විද්‍යාත්මකව පදනම් විරහිත වන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Share This