කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් – සතියක් තුළ පන්දහස ඉක්මවයි (වීඩියෝ)

කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් – සතියක් තුළ පන්දහස ඉක්මවයි (වීඩියෝ)

එන්නත පිළිබඳ තීරණ ගැනීමේ දී වෛද්‍ය විශේෂඥයින්ගේ අදහස් මත මිස වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් නොමැති පිරිසගේ අදහස් මත තීරණ නොගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ගෙවුණු සතිය තුළදී පමණක් කොවිඩ් ආසාදිතයින් 5,391 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අඛණ්ඩව තෙවන දිනටත් ඊයේ (22) දිනයේ දී මෙරටින් හඳුනා ගන්නා කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 800 යේ සීමාව ඉක්මවා යමින් වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනයේ දී මෙරටින් හඳුනාගත් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 845 ක්.

මෙම ආසාදිතයින් සංඛ්‍යාවත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 601048 දක්වා ඉහළ ගියා.

මේ අතර, ගතවූ සතිය තුළදී මෙරටින් වාර්තා වන දෙදනික කොවිඩ් ආසාදිතයින්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කළා.

ඒ අනුව ඊයේ (22) දිනයෙත් අවසන් වූ සතියක කාලය තුළදී මෙරටින් 5,000 සීමාව ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.


.

Share This