කොවිඩ් එන්නත් වාර්තා පිළිබඳ සැක මතුවී බ්‍රසීලයේ හිටපු ජනාධිපතිගේ නිවස පරීක්ෂාවට

කොවිඩ් එන්නත් වාර්තා පිළිබඳ සැක මතුවී බ්‍රසීලයේ හිටපු ජනාධිපතිගේ නිවස පරීක්ෂාවට

බ්‍රසීලයේ හිටපු ජනාධිපති Jair Bolsonaroගේ නිවස එරට පොලිසිය විසින් පරීක්ෂා කිරීමකට ලක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ ඔහුගේ කොවිඩ් එන්නත් වාර්තා පිළිබඳ විමර්ශනය කිරීම සඳහායි

හිටපු ජනාධිපතිවරයාගේ එන්නත් වාර්තාව ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට පොලිසිය සැකපළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

හිටපු ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ ජංගම දුරකථනද පොලිස් භාරයට ගෙන ඇති අතර නිලධාරීන් විසින් ඔහුගේ සමීපතමයන් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

හිටපු ජනාධිපතිවරයා කොවිඩ් එන්නත් සඳහා දැඩි විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටිමින් කටයුතු කර ඇති අතර, ඔහු කොවිඩ් එන්නත සහ එහි අතුරු ආබාධ පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවද වාර්තා වනවා

ඔහු සිය එන්නත් වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ එහි සංවේදී පෞද්ගලික දත්ත ඇති බවට තර්ක කරමින් බවයි සඳහන් වන්නේ

වැටලීමෙන් පසු අදහස් දක්වමින් Jair Bolsonaro කිසිදු වාර්තාවක් තමා විකෘති නොකළ බවත්,වාර්තාවලට ව්‍යාජ දත්ත ඇතුළත් කර නොමැති බවත් පවසමින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා

හිටපු ජනාධිපති Jair Bolsonaro ඔහුගේ ප්‍රතිවාදියා වූ Luiz Inácio Lula da Silva ධුරයේ දිවුරුම් දීමට දින කිහිපයකට පෙර දෙසැම්බර් අවසානයේ ෆ්ලොරිඩාවට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔහු එරටට ඇතුළු වූයේ කුමන වීසා බලපත්‍රයක් මතද යන්න හෝ ඔහු එම අවස්ථාවේදී ලබා දුන් එන්නත් වාර්තා මොනවාද යන්න පිළිබඳව එක්සත් ජනපදය අදහස් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This