කොවිඩ් නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍ය පැනවූ නව නීති

කොවිඩ් නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍ය පැනවූ නව නීති

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ පනවා ඇති කොවිඩ් නීතිරීති සඳහා සමච්චල් කෙරෙන ආකාරයේ ඡායාරූප සහ වීඩියෝපට අන්තර්ජාලයේ පළ කිරීම හෝ වසංගතය අතරතුර ජනතාව නොමගයවන තොරතුරු බෙදාහැරීම සිදු කළ හොත් අවම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් සහ දඩ මුදලක් පැනවීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ පර්යේෂණයක් සිදු කරන විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ඇත්තේ ඔමික්‍රෝන් ව්‍යාප්තිය දැනට වසංගතයක් ලෙස පැවතුනද ඉදිරියේදී එය මානව වර්ගයාට ජීවත් විය හැකි ආවේනික රෝගයක් බවට පත්විය හැකි බවයි.

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය ද ඇතුළුව කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා සැපයුම් ජාලාවන්වල තවදුරටත් බිඳ වැටීම් පෙන්නුම් කිරීම තුළ මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සැළකිය යුතු ලෙස පහත වැටීමේ අවධානමක් ඇති බවද ලෝක බැංකුව දැනුම්දී තිබෙනවා.

එනම් මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 3.4% ක් දක්වා සැළකිය යුතු අඩුවක් පෙන්නුම් කළ හැකි බවටයි ලෝක බැංකු අනතුරු අඟවා ඇත්තේ.

Share This