කොවිඩ් පාලනයට ‘හැදූ බව කියන’ ධම්මික පැණියට කළ දේ

කොවිඩ් පාලනයට ‘හැදූ බව කියන’ ධම්මික පැණියට කළ දේ

කොවිඩ් වයිරසය පාලනය කිරීමට අදාළව නිෂ්පාදනය කර තිබෙන නිෂ්පාදන 14කට ආයුර්වේද විශේෂඥ කමිටුවේ අනුමැතිය හිමිව ඇති බවත් “ධම්මික පැණියට” ලබාදී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කළ බවත් ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන මහතා පවසන බව අද (12) මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොවිඩ් වයිරස් පාලනය සඳහා “ධම්මික පැණිය” සුදුසු නැති බවට සායනික පරීක්‍ෂණවලින් තහවුරුවීම හේතු කොට ගෙන ලබාදී තිබූ තාවකාලික බලපත්‍රය එසේ අහෝසි කළ බව ඒ මහතා පුවත්පත් වෙත සඳහන්.කර තිබුණා.

කොවිඩ් රෝගය පාලනය සඳහා අනුමැතිය ලද නිෂ්පාදන 14ක් වෙළෙඳපොළට මුදාහැරීමට අවශ්‍ය අනුමැතිය මේ වන විට ලබාදී ඇති බවද ඒවා ආයුර්වේද වෛද්‍යවරුන්, පෞද්ගලික අංශය හා ආයුර්වේද සංස්ථාව මඟින් නිෂ්පාදනය කර ඇති ඒවා බවද වාර්තා වනවා.

Share This