කොවිඩ් මරණ ඉහළ යද්දීත් වසංගතය අවසන් බව ඇමෙරිකානු ජනපති කියයි

කොවිඩ් මරණ ඉහළ යද්දීත් වසංගතය අවසන් බව ඇමෙරිකානු ජනපති කියයි

කොවිඩ්වලින් මිය ගිය ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් තිබියදීත්, ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජනපදයේ වසංගතය අවසන් බව ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

තවමත් කොවිඩ් වෛරසය මැඩපැවැත්වීම සඳහා බොහෝ වැඩ කරමින් සිටින නමුත් වසංගතය අවසන් බවයි ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා පසුගිය සතියේ කියා සිටියේ වසංගතයේ අවසානය පෙනෙමින් පවතින බවයි.

එහෙත් ඇමෙරිකාවේ පරිපාලන නිලධාරීන් එක්සත් ජනපද මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ දැනට පවතින Covid-19 මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව ඉවත් කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි

අද වන විට ඇමරිකානුවන් මිලියනයකට වඩා වැඩි පිරිසක් කොවිඩ් වලින් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව දැනට දින හතක සාමාන්‍ය මරණ සංඛ්‍යාව 400 ඉක්මවා ඇති අතර පසුගිය සතිය තුළ පමණක් 3,000 කට වඩා මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ .

Share This