කොවිඩ් මාරයා තවත් බිළිදෙක් බිලි ගනියි

කොවිඩ් මාරයා තවත් බිළිදෙක් බිලි ගනියි

දින පහක් වයසැති බිළිඳකු බළන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

පෙට්ටියගල පාර, බෝම්බුව, බළන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි බිළිඳකු මෙලෙස කොවිඩ් ආසාදනය වී මියගොස් ඇති අතර එම බිළිඳා ඉකුත් 07 වැනිදා බළන්ගොඩ මූලික රෝහලේදී උපත ලබා තිබෙන බවයි පැවසෙන්නේ

මෙම බිළිඳා ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් බළන්ගොඩ මූලික රෝහලේ නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවයි වාර්තා වන්නේ

දරුවා බිහි කළ මවගේද පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර තිබෙන අතර එහි වාර්තා ලැබීමට නියමිතයි

Share This