කොවිඩ් රෝග පාලනය සෞඛ්‍ය පද්ධතියෙන් ගිලිහීයෑමේ අවදානමක්- උපුල් රෝහණ

කොවිඩ් රෝග පාලනය සෞඛ්‍ය පද්ධතියෙන් ගිලිහීයෑමේ අවදානමක්- උපුල් රෝහණ

දෛනික කොවිඩ්  ආසාදිතයන්ගේ වාර්තාවීම ඉහළ යෑම හේතුවෙන් රෝහල් ධාරිතාව සහ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිරී යෑම නිසා මෙරට කොවිඩ් රෝග පාලනය සෞඛ්‍ය පද්ධතියෙන් ගිලිහීයෑමේ අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

සමාජ ඒකරාශීවීම් සහ සංචරණ අවම නොකර කටයුතු කරන්නේ නම් හෝ ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක‍්‍රියාත්මක නොකරන්නේ නම් රට යළි විශාල ව්‍යසනයකට යෑම වැළැක්විය නොහැකි බවද ඔහු සඳහන් කරනවා.

දැඩි සංචරණ සීමා පැනවීමකට හෝ රට නැවත අගුලූ දැමීමකට යෑමට මෙරට ආර්ථික තත්ත්වය නරක ලෙස බලපා ඇති නිසා රටේ සියලූ දෙනා කොවිඩ් වෛරසය පිළිබඳ හොඳ සිහියෙන් කටයුතු කළ යුතු බවද වැඩිදුරටත් උපුල් රෝහණ මහතා පවසනවා.

Share This