කොවිඩ් වාට්ටුවෙන් පැන ගොස් බසයකින් ගෙදර යමින් සිටි ආසාදිතයා අල්ලා ගනී
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය ආසාදිතයෙකු පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර ඔහු යළිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දුන් බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පවසනවා.
අසාදිතයා නාවලපිටිය කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අවු 31 හැවිරිදි ආසාදිතයා පසුගිය (20) දින පස්බාගේ කොරලේ සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛය පරීක්ෂකවරුන් විසින් කුරුදුවත්ත නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර තිබුණා.
ආසාදිතයාගේ රෝගී තත්ත්වය උත්සන්න විම හේතුවෙන් ඔහු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකට ඇතුලත් කිරිමෙන් පසු (25) දින උදෑසන එම වාට්ටුවෙන් පැන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරුව ආසාදිතයා බස් රථයකින් තම නිවස කරා යමින් සිටියදී කුරුදුවත්ත මේරිවල පොලිස් මුරපොලේදි අල්ලා ගිලන් රථයක් මගින් යළිත් නාවලපිටිය රෝහලට යොමු කර තිබෙනවා.
එමෙන්ම ඔහු ගමන් ගත් බස් රථයේ සමීපතම ආශ්‍රිතයන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා.