කොවිඩ් වැළදී මිය ගිය පුද්ගලයෙකු වසර දෙකකට පසු නිවසට එයි

කොවිඩ් වැළදී මිය ගිය පුද්ගලයෙකු වසර දෙකකට පසු නිවසට එයි

ඉන්දියාවේ ගුජරාට් රෝහලේ දී කොවිඩ් වැළදීම හේතුවෙන් මිය ගිය බව කියන  පුද්ගලයෙකු වසර 2 කට පසු මධ්‍ය ප්‍රදේශ්හි ධාර් දිස්ත්‍රික්කයේ (Madhya Pradesh’s Dhar district) පිහිටි ඥාති නිවසකට පැමිණ තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහුට කොවිඩ් ආසාදනය වීමෙන් පසු රෝහල් ගත කළ අතර පසුව වෛද්‍යවරු ඔහු මිය ගිය බව ප්‍රකාශ කර ඇති බවයි.

අනතුරුව රෝහල විසින් මෘත ශරීරය, ඔහුගේ ඥාතීන්ට භාර දීමෙන් පසු පවුලේ සාමාජිකයන් අවසන් කටයුතු සිදු කර ඇති බව සඳහන්.

ඔහු 35 හැවිරිදි කමලේෂ් පටිදාර් නැමැති පුද්ගලයෙක් වන අතර ඔහුගේ අවසන් කටයුතු සිදු කර වසර දෙකකට පමණ පසු, පෙරේදා (15) උදෑසන 6 ට පමණ කරෝද්කාල ගම්මානයේ (Karodkala village) පිහිටි ඔහුගේ මවගේ නැන්දණියගේ නිවසේ දොරට තට්ටු කළ විට ඔවුන් පුදුමයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

කෙසේ වෙතත් එම කාලය තුළ ඔහු නැවතී සිටි ස්ථානයක් ගැන කිසිදු හෙළි කිරීමක් කර නැහැ.

2021 වසරේ දී කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ඔහුව ගුජරාට් හි රෝහලකට ඇතුළත් කර තිබුණා.

Share This