කොවිඩ් වැළඳුණු ලතා මංගේෂ්කාර් දැඩි සත්කාර ඒකකයේ
ඉන්දියාවේ ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මේ වනවිට ඇය මුම්බායි හි බ්රීච් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ.
ඇයගේ වයස්ගතභාවය සහ පවතින සෞඛ්‍ය ගැටලු හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබෙනවා.
ලතා මංගේෂ්කාර් ගායිකාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඇගේ ලේලිය රච්නා ANI ප්රවෘත්ති ඒජන්සිය වෙත පවසා තිබෙන්නේ “ඇය හොඳින් ඉන්නවා; ඇයගේ වයස සැලකිල්ලට ගනිමින් පූර්වාරක්ෂාව සඳහා පමණක් දැඩි සත්කාර ඒකකයේ තබා තිබෙනවා ” යනුවෙන්
1929 සැප්තැම්බර් 28 වැනිදා උපන් ලතා මංගේෂ්කාර් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසකට අමතරව ප්‍රංශයේ ඉහළම සිවිල් සම්මානය වන ඔෆිසර් ඔෆ් ද ලෙජියන් ඔෆ් ඔනර් සම්මානයෙන් පිදුම් ලැබුවා.
1974 දී ගිනස් වාර්තා පොත ඇය ඉතිහාසයේ වැඩිම වාර්තාගත කලාකාරිනිය ලෙස නම් කරනු ලැබුවා
එමෙන්ම ඇය 1948 සිට 1974 දක්වා කාලය තුළ ගීත 25,000 කට වඩා ගායනා කර ඇති බව වාර්තා වනවා
ඇය 2001 වසරේ ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන භාරත් රත්න සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.