කොවිඩ් සමයේ රජය විසින් සමෘද්ධි අරමුදලින් ගත් මුදල් නැවත ඉල්ලා විරෝධතාවයක්

කොවිඩ් සමයේ රජය විසින් සමෘද්ධි අරමුදලින් ගත් මුදල් නැවත ඉල්ලා විරෝධතාවයක්

කොවිඩ් වසංගත සමයේ සමෘද්ධි අරමුදලින් රජය ලබාගත් රුපියල් බිලියන 50 ක මුදල නැවතත් සමෘද්ධි අරමුදල වෙත බැර කරන ලෙස රජයට බල කරමින් මධ්‍යම පළාත් සමෘද්ධි නිලධාරීන් විසින් අද (23) විරෝධතාවක් පවත්වා තිබෙනවා.

මෙම විරෝධතාවයට එක්වූ සමස්ත ලංකා සමෘද්ධි නිලධාරී සංගමයේ ප්‍රධාන සභාපති හා සමෘද්ධි අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කිත්සිරි ගමගේ මහතා චෝදනා කළේ වර්තමාන රජය සමෘද්ධි ව්‍යාපාරය දියකර හැරීමේ සූක්ෂම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

Share This