කොළඹ උද්ධමනය පහළට
කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය මේ වසරේ ඔක්තෝම්බර් මාසය සඳහා -0.8% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
එය මෙම වසරේම සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් ලෙස වාර්තා වී තිබූ බව සඳහන්.
ඔක්තෝම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.0% දක්වා වැඩි වී ඇති අතර මේ වසරේම සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -0.3% ක් ලෙසයි.
එමෙන්ම ඔක්තෝම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -1.6% ක් දක්වා අඩු වී ඇති අතර එය සැප්තැම්බර් මාසයේ දී -0.5% ක් ලෙස වාර්තා වනවා.