
කොළඹ වෙඩි තැබීම්වලට සම්බන්ධ දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට (VIDEO)
ග්‍රැන්ඩ්පාස් සහ පංචිකාවත්ත වෙඩි තැබීම්වලට අදාල සැකකරුවන් 02 ක් අත් අඩංගුවට ගෙන ඇතැයි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පැවසුවා.
ඔහු පැවසුවේ ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමට වෙඩික්කරු වෙත ගිනි අවිය බාර දුන් පුද්ගයා බුද්ධි මෙහෙයුමක් මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බවයි.
පංචිකාවත්ත, සංඝරාජ වටරවුම ආසන්නයේ සිදු වූ වෙඩි තැබීම අවස්ථාවේ මෙහෙයුමක් ක්‍රියාත්මකව පැවතිම හේතුවෙන් ඔවුන් පසුපස හඹා ගොස් බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී යතුරු පැදිකරු සහ යතුරු පැදිය පොලීසිය භාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.
වෙඩික්කරු අතරමගින් බැස පළා ගිය ද ඔහු හදුනාගෙන ඇතැයි නිශාන්ත ද සොයිසා මහතා සදහන් කළා.
මීගමුව ප්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇති බව පෙන්වා දුන් කියෝජ්ය පොලිස්පතිවරයා පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීම විදේශයක සිට මෙහෙයවා බිය වැද්දීම සදහා කළ වෙඩි තැබීමක් බව සදහන් කළා.