කෝච්චි සීසන් එකෙන් බස් එකේ යන්න පුළුවන්

කෝච්චි සීසන් එකෙන් බස් එකේ යන්න පුළුවන්

රට තුළ පවතින ආපදා තත්ත්වය නිසා දුම්රිය මාසික වාර ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අයහපත් කාළගුණය හේතුවෙන් විනාශවූ දුම් රිය මාර්ග පද්දතිය යතා තත්ත්වයට පත්වීමේ දිනද මෙතෙක් තීරණය කර නැහැ.

ශ්‍රී ලංකා ගමනාගමණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සාමාන්‍ය බස්රථවල දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රය භාවිතයෙන් මේ අනුව ගමන් කිරීමට පුළුවන්.

මේ සම්බන්ධයෙන් බස්රථ සේවකයින් සහ කණ්ඩායම් දැනුවත් කර ඇති බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

Share This