
කෝටි 9 කට වැඩි මුදලකින් කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව දෙහිවල කව්ඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ පළමු අදියරේ ආරම්භය සනිටුහන් කිරීම අද (11) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මෙම අවස්ථාවට ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්, දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, ඇතුළු සභා නිලධාරීන් රැසක් සහභාගී වී සිටියා.
මෙම ව්‍යාපෘතිය සදහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් 93,379,483.63 මුදලක් වැය කිරීමට නියමිතයි. (රජයේ නියමිත බදු සමඟ)
