
කෝටිපති ව්‍යාපාරිකයෙකු කොල්ල කා පලාගිය තරුණියක් පොලිසිය සොයයි (වීඩියෝ)
කෝටිපති ව්‍යාපාරිකයෙකු සිහිසුන් කොට ඔහු සතු රන් භාණ්ඩ කොල්ල කා පලාගිය තරුණියක් සොයා පොලිස් විමර්ශන ආරම්භකර තිබෙනවා.
කඩුවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් ඇය මෙලෙස පවුම් 39ක රන් භාණ්ඩ කොල්ල කා ඇති බවයි පොලිසිය පැවසුවේ.
අදාල ව්‍යාපාරිකයා තරුණිය සමඟ ඉංගිරිය ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගොස් ඇති අතර එහිදී තරුණිය විසින් ව්‍යාපාරිකයාට මත් දියරයක් ලබා දී සිහිසුන් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව තරුණිය, ව්‍යාපාරිකයා සතුව තිබූ පවුම් 25ක් බර රත්‍රං මාලයක්, මැණික් ගල් අල්ලන ලද පවුම් 06ක මුද්දක් සහ පවුම් 08ක පෙන්ඩනයක් කොල්ල කා පලාගොස් තිබෙනවා.
පොලිසිය වැඩිදුරටත් පැවසුවේ ව්‍යාපාරිකයාගේ සුඛෝපභෝගී මෝටර් රථයෙන් එම තරුණිය පලාගොස් ඇති බවයි.
මෝටර් රථය ඉංගිරිය, අරකාවිල ප්‍රදේශයේ දමාගොස් තිබිය දී පසුව සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.