කෝප වූ දැරියක් ජංගම දුරකථනය ගිල දමයි

කෝප වූ දැරියක් ජංගම දුරකථනය ගිල දමයි

ඉන්දියාවේ බින්ද් දිස්ත්‍රික්කයේ (Bhind district) අමායාන් (Amayan) ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් අධික කෝපයට පත්ව ඇගේ ජංගම දුරකථනය (keypad mobile phone) ගිල දමා තිබෙනවා.

දුරකථනය ගිල දැමීමෙන් අනතුරුව පවුලේ සාමාජිකයින් විසින් දැරිය බින්ද් දිස්ත්‍රික් රෝහල (Bhind district hospital) වෙත රැගෙන ගොස් ඇති අතර තත්ත්වය බලපතල වීම හේතුවෙන් වෛද්‍යවරු ඇයව ග්වාලියර් (Gwalior) රෝහල වෙත යොමු කිරීමටයි පියවර ගෙන තිබුණේ.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පැයක පමණ ශල්‍යකර්මයකින් අනතුරුව වෛද්‍යවරුන් දැරියගේ උදරයෙන් දුරකථනය පිටතට ගත් බවයි.

කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම හේතුවෙන් ඇගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී ඇති අතර දැරියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

Share This