කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්
කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් නැවත තේරී පත්ව තිබෙනවා
ඔහු තේරීපත්ව තිබෙන්නේ නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද (23) පැවති අස්ථාවේදියි.
එහිදී පැවති ඡන්ද විමසීමේදී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතාට පක්ෂව ඡන්ද 17 ක් ලැබුණු අතර එරාන් වික්‍රමරත්න මහතාට පක්ෂව ඡන්ද 06 ක් හිමිව තිබෙනවා.
කමිටුව අමතමින් නව කෝප් සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ කමිටුවේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා සියලූ සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි.