කෝවිඩ් එන්නත් ලබාදීම තවත් වේගවත් කිරීමට අන්තර්ජාතික එකඟත්වයක්

කෝවිඩ් එන්නත් ලබාදීම තවත් වේගවත් කිරීමට අන්තර්ජාතික එකඟත්වයක්

ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එක්සත් ජනපදය යන රටවල නායකයින්ගේ සහභාගීත්වයෙන් ටෝකියෝ හි දී පැවැති ක්වාඩ් නායකයින්ගේ (Quad Leaders) සමුළුවේ දී ජාත්‍යන්තර ප්‍රජාව වෙත කොවිඩ්-19 එන්නත් ලබාදීම වේගවත් කිරීමට එකඟවී තිබෙනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල ව්‍යාප්ත වන චීනයේ බලපෑමට එරෙහිව ඉන්දු පැසිෆික් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් හතරේ ප්‍රයත්නයේ කොටසක් වන ලෙස මෙය ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.

සමුළුව අතරතුර, නායකයින් කොවිඩ්-19 එන්නත් බෙදා හැරීම වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කළ අතර සෑම රටකටම එන්නත් ලබා ගැනීමට උපකාර වන ජපන් මුලපිරීමක් වන “Last One Mile Support” වැඩසටහන ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමට එකඟවූ බව සදහන්.

සෞඛ්‍ය සේවකයින් සඳහා පුහුණුව සහ එන්නත් ලබාදීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් වැනි ක්ෂේත්‍රවල දී සංවර්ධනය වෙමින් පවතින රටවලට තවදුරටත් උපකාර කිරීමට ද මෙහිදී එකග වී තිබෙනවා.

දුරස්ථ මාර්ගගත ආකෘතියකින් සංවිධානය කර තිබූ පසුගිය වසරේ මාර්තු මාසයේ දී ක්වැඩ් සාමාජිකයින් අතර පැවති ප්‍රථම සමුළුවේ දී එන්නත් නිෂ්පාදනය සහ ප්‍රතිපාදන ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟ වූ අතර එතැන් සිට මෙම ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත්වීම සිදුවුණා.

Share This