
ගංඟා ආශ්රිත අවිධිමත් වැලි ගොඩදැමීම වහාම අත්හිටුවයි (VIDEO)
දිවයිනේ ගංඟා ආශ්‍රිතව සිදුකරනු ලබන අවිධිමත් වැලි ගොඩදැමීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
අවිධිමත් හා අනවසර වැලි ගොඩදැමීම් හේතුවෙන් පාරිසරික වශයෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන ඇති අතර, ඉදිරියේදී තීරණය කර ඇත්තේ වැලි ගොඩදැමීම සඳහා නිකුත් කර ඇති බලපත්‍ර නැවත සමාලෝචනය කිරීමටයි.
වැලි ගොඩදැමීම් හේතුවෙන් ගංඟා ආශ්‍රිතව සිදුවන පාරිසරික හානිය වඩාත් බරපතල ගැටළුවක් බවට පත්ව තිබෙනවා.
ගංගාවල ඉවුරු ඛාදනයවීම මෙන්ම, කරදිය ගංගාවලට කාන්දුවීමත් පානීය ජල ව්‍යාපෘතිවලට අහිතකර බපපෑම් එල්ලවීමත් හදුනාගෙන ඇත්තේ බරපතල තත්ත්වයන් ලෙසයි.
පරිසර අමාත්‍යංශය පසුගිය කාලයේ වැලිකැණීම් සිදුකරන ස්ථාන රැසක් නිරීක්ෂණය කර, ඇති වී තිබෙන පාරිසරික බලපෑම් පිළිබඳ වාර්තාවක්ද සම්පාදනය කර තිබෙනවා.
එම වාර්තාව මගින් අනාවරණ වී ඇති තොරතුරුවලට අනුව බලපෑම් සහිත වැලිකැණීම් සිදුකරන ස්ථානවල බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බවයි පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා පවසන්නේ.
ඇමතිවරයා සදහන් කළේ වැලි ජාවාරම්වලට ඉඩ නොලැබෙන සහ රටේ අවශ්‍යතාව මත වැලි සම්පාදනය කරන ක්‍රියාවලියක් සම්පාදනය කිරීමද නව වැඩපිළිවෙලේ අපේක්ෂාවක් වන බවයි.