ගංවතුර නිසා උමං මාර්ගයක සිරවී 14 දෙනෙකු මියයාම හේතුවෙන් 36 දෙනෙකුට එරෙහිව විමර්ශන

ගංවතුර නිසා උමං මාර්ගයක සිරවී 14 දෙනෙකු මියයාම හේතුවෙන් 36 දෙනෙකුට එරෙහිව විමර්ශන

දකුණු කොරියාවේ චියොන්ජු නගරයේ පැවති ගංවතුර හේතුවෙන් උමං මාර්ගයක සිරවී සිටි 14 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් නිලධාරීන් 36 දෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබෙනවා

සිදුවීමෙන් දින දෙකකට පසු ආරම්භ කරන ලද පරීක්ෂණයකින් හෙළිව තිබෙන්නේ ගංවතුර පිළිබඳව ලබා දී ඇති පූර්ව අනතුරු ඇඟවීම් මෙම නිලධාරීන් නොසලකා හැර ඇති බවයි.

උමං මාර්ගයේ පැවති ගංවතුර හේතුවෙන් බස් රථයක් ඇතුළු වාහන 15ක් ජලයෙන් යට වූ අතර ඉන් දිවි ගලවා ගත්තේ පුද්ගලයන් නව දෙනෙකු පමණක් බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

රට පුරා ඇතිවූ ගංවතුර ව්‍යසනයෙන් අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ .

Share This