ගංවතුරට හසුවූ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්
වාලච්චේන, පුලිපංචිකල් ප්රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා.
අතුරුදහන්වී ඇත්තේ අවුරුදු 52 හා 71 වයස්වල පසුවන සන්දිවේලි ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
එළවළු රැගෙන ඒම සඳහා වගා භූමියට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මොවුන් පුලිපංචිකල්ඔයේ ගංවතුරෙහි සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවටයි වාර්තා වී ඇත්තේ.