
ගත වූ දින 12 තුළ මත්ද්‍රව්‍ය වැරදිවලට පුද්ගලයින් 13,490 ක් සැකපිට අත්අඩංගුවට
පසුගිය ඔක්තෝබර් මස 30 වැනිදා සිට මේ දක්වා මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 108 ක්,අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 268 ක් පොලීසිය භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු පැවසුවේ ගංජා කිලෝ ග්‍රෑම් 388 ක්, කුෂ් කිලෝ ග්‍රෑම් 4 ක්, හෂීෂ් කිලෝ ග්‍රෑම් 23 ක්, සහ මත් කරල් 4400 ක් ද පොලීසිය වැටලීම් වලින් සොයා ගත් බවයි.
නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 13,490 ක් අත් අඩංගුවට පත්ව ඇති අතර ඒ අතරින් නීති විරෝධී වතකම් විමර්ශන 9 ක් ද සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
