ගත්තු ණයට “කොවිඩ් නිසා” ලැබෙන සහනය

ගත්තු ණයට “කොවිඩ් නිසා” ලැබෙන සහනය

ව්‍යාපාර සහ පුද්ගලයන්ට ලබාදී තිබූ ණය සහන කාලය දීර්ඝ කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ සහ විශේෂිත බැංකු වෙත දැනුම් දී තිබෙනවා

මෙම සහන කාලය කොවිඩ් අවදානම නිසා පීඩාවට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ලැබෙන බවයි සඳහන් වන්නේ

ඒ අනුව පසුගිය මැයි 15 තෙක් නිකුත් කර තිබූ ණය සහන කාලය අගෝස්තු 31 දක්වා නැවත සකසන ලෙසට මහ බැංකුව දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ .

මේ වනවිට ඊට අදාළ නියමයන්, බලපත්‍රලාභී වාණිජ සහ විශේෂිත බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා

Share This