
ගනේමුල්ල සංජීව ඝාතනය පිටුපස සංවිධානාත්මක අපරාධකරුවන් 9 ක් සිටින බව අධිකරණයට වාර්තාවක්
ගණේමුල්ල සංජීව ඝාතන සැලැස්ම පිටිපස ප්රධානපෙළේ සංවිධානත්මක අපරාධකරුවන් 9 දෙනකු සිටින බවට විමර්ශනවලින් කරුණු අනාවරණ වී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (7) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස් බෝදරගම හමුවේ දැනුම් දුන්නා.
කොළඹ අපරාධ කොට්ඨාශයය සිද්ධියට අදාළව ඒ බව දන්වා සිටියේ වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින්.
නඩුව කැඳ වූ අවස්ථාවේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් 5 දෙනෙකු බූස්ස බන්ධානාගරය මඟින් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළා.
පහළොස්වන සැකකාර ඉෂාරා සෙව්වන්දි හට පලා යාමට ආධාර අනුබල දීම මත රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් 3 ක් සහ සැකකාරියන් 2 ක් බන්ධනාගාර නිළධාරින් විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කළා.
එම ප්රධානපෙළේ සැකකරුවන් 9 දෙනා සිද්ධියට අදාළව 28 වන සැකකරු සිට 36 සැකකරු දක්වා නම් කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා.
විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ එම නම් කරන ලද සංවිධානත්මක සැකකරුවන් 9 දෙනා අතරින් සිව්දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා තබාගෙන ප්රශ්න කරන බවයි.
අනෙක් නම් කරන ලද සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව විමර්ශන නිළධාරින් අධිකරණයට දන්වා සිටියා.
මර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී සිටියේ සිද්ධියට අදාලව නම් කරන ලද 35 වැනි සැකකරු පෑලියගොඩ අපරාධ කොට්ඨාශය මගින් සිදු කරන ලද වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවයි.
මෙම සිද්ධියට අදාළව අනෙක් සැකකරුවන් පිළිබඳව කොටුව මහෙස්ත්රාත් අධිකරණයට සහ අලුත් කඩේ අංක 8 අතිරේක මහෙස්ත්රාත් අධිකරණයට කරුණු වර්තා කර තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.
අධිකරණය එහිදී නියම කළේ මෙම සිද්ධියට අදාළව රක්ෂිතබන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට එරෙහිව ඇති අපරාධ චෝදනා සම්බන්ධයෙන් වෙන් වෙන්ව වර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
සිද්ධියට අදාළව කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා විමර්ශනයේ ප්රගතිය නොවැම්බර් 21 කැඳවන ලෙස නියෝග කරමින් සැකකරුවන් එදින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
