ගමන් මග ගැන ඉන්දීය අගමැති පහදයි

ගමන් මග ගැන ඉන්දීය අගමැති පහදයි

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරමින් ඉන්දියාව පසුගිය වසර නවය තුළ විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ නවදිල්ලි නුවර පැවැති ගෝලීය බෞද්ධ සම්මේලනය අමතමින්.

ඉන්දියාව න්‍යාය, ප්‍රායෝගිකත්වය සහ අවබෝධය ඇතුළු බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කර ඇති බව ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී සඳහන් කළා.

ඒ ඔස්සේ ඉන්දියාව වේගයෙන් ඉදිරියට පැමිණ ඇති බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

සංවර්ධිත රටක් බවට පත්වීම සඳහා ඉදිරියට ගමන් කරන බවත්, එහිදී ඉන්දියාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම සුභසාධනය වැදගත් බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර පෙන්වා දී තිබෙනවා.

Share This