
ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද
අපවත් වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (05) පූර්ණ රාජ්ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පස්වරු 4.30ට විහාරස්ථාන භූමියේදී උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිදු කිරීමට නියමිතයි.
ආදාහන පූජෝත්සවය හේතුවෙන් අද සවස 02.00 සිට එම විහාර පරිශ්රය ආශ්රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.