ගල්අඟුරු තොගත් අවසන් අඩියේ – 43 වන සේනාංකයේ ඉංජිනේරු සංගමය කියයි (වීඩියෝ)
මෙරට තුළ ඇති ගල්අඟුරු තොග සීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බව 43 වන සේනාංකයේ ඉංජිනේරු සංගමය පවසනවා.
එම සංගමයේ කැඳවුම්කරු සුරත් සෙනවිරත්න මහතා සඳහන් කළේ මෙරට ගල්අඟුරු ටෙන්ඩර් සඳහා කිසිඳු සමාගමක් මේ වන තෙක් ඉදිරිපත්ව නොමැති බවයි.
පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලි කප්පාදුව පැය 04ක් දක්වා දීර්ඝ වීමේ අවදානමක් පවතින බව ද ඔහු සඳහන් කළා.