ග්‍රීන්ලන්තයට ආසන්න මුහුදේ මගී නෞකාවක් ගිලෙමින් පවතී

ග්‍රීන්ලන්තයට ආසන්න මුහුදේ මගී නෞකාවක් ගිලෙමින් පවතී

ග්‍රීන්ලන්තයට ආසන්න මුහුදු ප්‍රදේශයක දී සුඛෝපභෝගී මගී නෞකාවක් ගිලී යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Ocean Explorer නමැති එම නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 206 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ නෞකාවේ සිටින පුද්ගලයින් බේරාගැනීම සඳහා Knud Rasmussen පරීක්ෂණ යාත්‍රාව පිටත් කර හැර ඇති බව සඳහන්.

තවමත් එය Ocean Explorer නෞකාව වෙත ළඟා වී නොමැති අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඊට බාධාවක් වී තිබෙනවා.

කෙසේවෙතත් අදාළ නෞකාව මුදා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි නෞකාව හිමි සමාගම විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

දිගින් මීටර් 104ක් සහ පළල මීටර් 18ක් වන බහමාස් ධජය සහිත Ocean Explorer නෞකාව ලොව වඩාත්ම දුරස්ථ ගමනාන්ත වෙත ගවේෂණ චාරිකා සඳහා නිර්මාණය කර ඇති එකක් වනවා.

Share This