ග්‍රීසි මුහුදේ යාත්‍රාවක් පෙරලීමෙන් සංක්‍රමණිකයන් 79ක් මරුට

ග්‍රීසි මුහුදේ යාත්‍රාවක් පෙරලීමෙන් සංක්‍රමණිකයන් 79ක් මරුට

දකුණු ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් ධීවර යාත්‍රාවක් පෙරලී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 79 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මෙහිදී බේරාගෙන ඇති බව ද සඳහන්.

මේ අතර දිවි ගලවා ගත් අය සහ ග්‍රීක නිලධාරීන් පවසන්නේ තවත් සංක්‍රමණිකයන් සිය ගණනක් යානයේ සිටි බවයි.

මෙය ග්‍රීසියේ විශාලතම සංක්‍රමණික ඛේදවාචකයක් බව රජය පවසන අතර දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

යානයේ සිටි කිසිවෙක් ජීවිතාරක්‍ෂක කබා පැළඳ නොසිටි බවද සඳහන්.

යාත්‍රාව ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් කරන්නට ඇතැයි විශ්වාස කරන අතර, එහි සිටි බොහෝ දෙනා තරුණ වියේ පසුවන පිරිමි පුද්ගලයන් බව ද වාර්තා වී තිබෙනවා.

මියගිය අයගේ ජාතිකත්වයන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු ග්‍රීසියේ Kalamata මධ්‍යම වරාය අධිකාරිය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කරමින් සිටින බව ද සඳහන්.

Share This