ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරෙන් පසු තවදුරටත් විරෝධතා -දිවි අහිමි වූ 57 දෙනාගේ පවුල්වලින් එරට අගමැති සමාව ඉල්ලයි

ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරෙන් පසු තවදුරටත් විරෝධතා -දිවි අහිමි වූ 57 දෙනාගේ පවුල්වලින් එරට අගමැති සමාව ඉල්ලයි

ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරෙන් පසු එරට අගමැති Kyriakos Mitsotakis මියගිය 57 දෙනාගේ පවුල්වලින් සමාව ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම දුම්රිය අනතුර සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දින ගණනාවක් තිස්සේ විරෝධතා අඛණ්ඩව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇතන්ස් අගනුවර පැවති විරෝධතාවයකට 12,000ක පමණ ජනතාවක් එක්ව ඇති අතර පොලිසිය සමග ඇතිවූ ගැටුම්වලින් නිලධාරීන් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විරෝධතාකරුවන් මියගිය අය සිහිපත් කිරීම සඳහා කළු බැලූන් සිය ගණනක් අහසට මුදා හැර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

පෙබරවාරි 28 වෙනිදා රාත්‍රියේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකම මාර්ගයක දී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා

නොසැලකිලිමත්කම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ Larissa හි 59 හැවිරිදි දුම්රිය ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This