
ගායන ශිල්පී සේනක බටගොඩට තිබූ අතුරු තහනම ඉවතට
කොළඹ වාණිජ මහාධිකරණය ජනප්‍රිය සංගීත හා ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට වාරණ නියෝගයක් නිකුත්කර තිබුණා
ඒ ඔහු ගායනා කරනු ලැබු අතිශයින් ජනප්‍රිය ගීත 7 ක් වන “අපි කවුරුද..” , “අපි සැනසිල්ලේ…(යන්,යන්,යන්…)” ,අළු යට ගිනි.., රස්ථා.., හීන වලට පණක් තියනවා…, හොඳම දේ…, සැනසුම… යන ගීත සම්බන්ධයෙන්.
නිකුත් කර තිබු අතුරු තහනම් නියෝගය ඉවත් කරමින් වාණිජ මහාධිකරණ විනිසුරු පමිල රත්නායක මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නා.
ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විත්තියට එරෙහි වාරණ නියෝගය ඉවත් කරමින් අතුරු තහනම් ඉල්ලීම පිලිබදව පැමිණිලිකරුගේ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළා.
මෙම නඩුව අධිකරණයේ විභාගවන අතරතුරදී සේනක බටගොඩ මහතා පසුගිය වසරේ (2024) නොවැම්බර් 11 වැනිදා දිවියෙන් සමුගැනීම නිසා ඔහුගේ බිරිඳ වන මරීනා බටගොඩ මහත්මිය සහ දියණිය ගායන ශිල්පිනී සෙරීනා බටගොඩ ඔහුගේ උරුමරුවන් ලෙස ආදේශිත විත්තිකරුවන් ලෙස ඉදිරිපත්වුණා.