
ගාලු මුවදොර අනීතික වෙළෙදුන්ට වරාය සමාගමෙන් උත්තරයක්
අනීතික ලෙස ගාලු මුවදොර පිටියේ වෙළදාම් කරමින් සිටි වෙළෙදුන් එම පරිශ්‍රයෙන් ඉවත් කළ බවට නැගෙන චෝදනා අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය කළමනාකරණ උපදේශන සේවා පුද්ගලික සමාගම පවසනවා.
එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක් වෙන්නේ තම සමාගම රජය විසින් හිමිකාරීත්වය දරන සමාගමක් වන අතර 2016 වසරේ සිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ගලු මුවදොර පරිශ්‍රයෙහි පරිපාලන සහ කළමනාකරණ කටයුතු සිදුකරන බවයි.
ලියාපදිංචි වෙළෙදුන් 32 දෙදෙනකු සමග අනවසරයෙන් ගාලුමුවදොර පදික වේදිකාවේ වෙළදාම් කරමින් සිටි වෙළෙදුන් ප්‍රමාණය ශීග්‍රයෙන් ඉහළ යාමත් සමග එම මාර්ගය භාවිත කරන මගීන්ට මෙන්ම පරිශ්‍රය භාවිත කරන පිරිස්වලට විශාල බාධාවක් වූ බව ශ්‍රී ලංකා වරාය කළමනාකරණ උපදේශන සේවා පුද්ගලික සමාගම පෙන්වා දෙනවා.
පදික වේදිකාව ද අපවිත්‍ර වීම හේතුවෙන් පොලීසියේ ද සහයෝගය මත ජූලි මස 07 වැනි දින එම වෙළෙදුන් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව එම සමාගම සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
නැවත වෙළෙදුන්ට වෙළෙදාම සදහා අවසරය ලබාදීමේ දී 2016 වසරේ වරාය අධිකාරිය ගාලු මුවදොර පරිශ්‍රය, ශ්‍රී ලංකා වරාය කළමනාකරණ උපදේශන සේවා පුද්ගලික සමාගම වෙත පවරන අවස්ථාව වන විට ලබාදුන් ලේඛනයේ සිටි ලියාපදිංචි වෙළෙදුන්ට පමණක් නැවත වෙළෙදාම් කිරීමේ ප්‍රමුඛතාව ලබා දුන් බවයි.
එම වෙළෙදුන් සදහා ද තාවකාලික දින 14 ක් සදහා එම ස්ථාන ලබා දී ඇති අතර ආහාරවල ගුණාත්මක බව සනාථ කරන ලද රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිකුත් කරන ලද සහතිකය ද ඉදිරිපත් කරන ලද වෙළෙදුන්ට පමණක් වසරක කාලයකට ගිවිසුම් ගතවිය හැකි බවයි.
ශ්‍රී ලංකා වරාය කළමනාකරණ උපදේශන සේවා පුද්ගලික සමාගම රජය සතු ආයතනයක් බැවින් රජයේ පවතින සියලු නීති රීති රාමුවලට යටත්ව කටයුතු කරන බව ද එම සමාගම පෙන්වා දෙනවා.
දිගින් දිගට අසත්‍ය චෝදනා නගමින් ඊයේ (18) දිනයේ සිදුකළ ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියා තරයේ හෙළා දකින බව ද එඅම සමාගම අවධාරණය කරනවා.