ගාස්තු සංශෝධනය ගැන බස් සංගම් කියන කතා (VIDEO)

ගාස්තු සංශෝධනය ගැන බස් සංගම් කියන කතා (VIDEO)

ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට එය ප්‍රමාණවත් නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

කෙසේවෙතත් ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයකට යාමට ඉඩකඩ පවතින බවයි ඔහු ප්‍රකාශ කළේ.

බස් ගාස්තු ගැලපීමේ ක්‍රමවේදය නැවත වරක් සමාලෝචනය කිරීමට සිදුවන බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු වැඩි කිරීමට රජය අවසර ලබා දිය යුතු බවයි.

ඒ අනුව 5%ක ප්‍රතිශතයකින් බස් ගාස්තු ඉහළ දැමීම සිදු කළ යුතු බව ඔහු පෙන්වාදෙනවා.

එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 33ක් දක්වා ඉහළ යා යුතු බවයි අංජන ප්‍රියන්ජිත් මහතා පවසන්නේ.

 

 

Share This