ගාසා තීරයේ ආහාර සහ ජලය අවසන් – ගර්භනී කාන්තාවන් 50,000කට අත්‍යවශ්‍ය සේවාවන් නැහැ

ගාසා තීරයේ ආහාර සහ ජලය අවසන් – ගර්භනී කාන්තාවන් 50,000කට අත්‍යවශ්‍ය සේවාවන් නැහැ

ගාසා තීරයේ ආහාර සහ ජලය ඉක්මනින් අවසන් වීම සහ ගර්භනී කාන්තාවන් 50,000 කට අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම නිසා භයානක තත්ත්වයකට මුහුණ දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

ඊශ්‍රායලය ගුවනින් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් පසුව ගාසා තීරයේ පුද්ගලයන් 1400කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එමෙන්ම ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කළහොත් මිස සීමාවන් ඉවත් නොකරන බවයි

1,300 දෙනෙකුට මරු කැඳවමින් සති අන්තයේ ඊශ්‍රායලයට එල්ල වූ මාරාන්තික ප්‍රහාර අතරතුර හමාස් සංවිධානය අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකු පැහැරගෙන ගාසා තීරයට රැගෙන ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර ඊශ්‍රායලයේ ප්‍රධාන ජෙනරාල්වරයා පුරවැසියන් ආරක්ෂා කිරීමේ වගකීමෙන් හමුදාව අසමත් වූ බව පිළිගෙන ඇති බවද සඳහන්

යුරෝපා සංගම් ප්‍රධානී Ursula Von Der Leyen සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් අද (13) ඊශ්‍රායලයට පැමිණීමට නියමිත අතර ඔවුන් එලෙස පැමිණෙන්නේ රටට සහය දැක්වීම සඳහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This