ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 1,055 දක්වා ඉහළට – 5,100කට වැඩි පිරිසකට තුවාල

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 1,055 දක්වා ඉහළට – 5,100කට වැඩි පිරිසකට තුවාල

ගාසා තීරයේ ඉස්ලාමීය විශ්වවිද්‍යාලයට එල්ල වූ ප්‍රහාරය ඊශ්‍රායල ගුවන් හමුදාව තහවුරු කර තිබෙනවා

ඔවුන් විශ්ව විද්‍යාලයට ප්‍රහාර එල්ල කළේ එය හමාස් සංවිධානයේ ඉංජිනේරුවන් සඳහා ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන නිසා සහ දේශපාලන හා මිලිටරි බලයේ වැදගත් මධ්‍යස්ථානයක් වන නිසා බවයි සඳහන් කර තිබෙන්නේ

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 1,055 දක්වා ඉහළ ගොස් ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා

එමෙන්ම සෙනසුරාදා හමාස් සංවිධානයෙන් එල්ල කළ ප්‍රහාරයට ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ආරම්භ වූ දා සිට 5,100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා

සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර පැවසුවේ ගාසා තීරයේ තුවාල ලැබූවන්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් සහ ළමුන් බවයි.

හමාස් සංවිධානය විසින් ගාසා තීරයෙන් දියත් කරන ලද මාරාන්තික ප්‍රහාරවලින් දින හතරකට පසුවත්, ඊශ්‍රායල කම්කරුවන් තවමත් ස්ඩෙරොට් නගරයෙන් සිරුරු ඉවත් කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඊශ්‍රායලයේද මරණ සංඛ්‍යාව 1,200 දක්වා ඉහළ ගොස් ඇති අතර 2,700 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා

Share This