ගාසා තීරයේ විනාශය පිළිබඳව නව විශ්ලේෂණයකින් පෙන්වා දෙයි

ගාසා තීරයේ විනාශය පිළිබඳව නව විශ්ලේෂණයකින් පෙන්වා දෙයි

ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරවලට ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර දියත් කළ දා සිට ගාසා තීරයේ ගොඩනැගිලිවලින් අඩකට වඩා හානි වී හෝ විනාශ වී ඇති බව නව විශ්ලේෂණයකින් හෙළිව තිබෙනවා

ඛාන් යුනිස් නගරය ඊශ්‍රායලයේ මිලිටරි ක්‍රියාවන්හි වැඩි බරක් දරා සිටින අතර, දෙසැම්බර් මස ආරම්භයේ සිට දකුණු සහ මධ්‍යම ගාසා තීරයට බෝම්බ හෙලීම තීව්‍ර වී තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඊශ්‍රායලය ගාසා වැසියන්ට තම ආරක්ෂාව සඳහා දකුණට යන ලෙස නැවත නැවතත් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ .

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මිලියන 1.7 ක ජනතාවක් එනම් ගාසා තීරයේ ජනගහනයෙන් 80% කට වඩා අවතැන් වී ඇති බවද සඳහන්

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) පවසා ඇත්තේ තමන් හමාස් සටන්කරුවන් සහ ත්‍රස්තවාදී යටිතල පහසුකම් යන දෙකම ඉලක්ක කරන බවයි,

එමෙන්ම මෙම නව විශ්ලේෂණයෙන් හෙළිව ඇත්තේ මුළු ගාසා තීරයේ ගොඩනැගිලි 144,000 ත් 175,000 ත් අතර ප්‍රමාණයකට හානි වී හෝ විනාශ වී ඇති බවයි.

එය ගාසා තීරයේ ගොඩනැගිලිවලින් 50%ත් 61%ත් අතර ප්‍රමාණයක් .

නිව් යෝර්ක් සිටි විශ්ව විද්‍යාලයේ Corey Scher සහ ඔරිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ Jamon Van Den Hoek විසින් සිදු කරන ලද විශ්ලේෂණයක් බවයි වැඩිදුරටත් පැවසෙන්නේ

Share This